2019 May 18

2019 මැයි 20 සිට 24 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

EUR/USD. යුරෝපීය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මැතිවරණය මෙන්ම බ්‍රික්ස්ට් සමග ඇති තත්වයන් යුරෝපීය මුදල මත පීඩනය තවදුරටත් යෙදී ඇත. එක්සත් ජනපද-චීන වෙලඳ යුද්ධයේ ආතතීන් උත්සන්න වීම පවා යුරෝව වෙත සහාය නොදක්වයි. චීනයේ අසාර්ථකත්වය හේතුවෙන් යුරෝ කලාපයේ ගැටලු ස්වයංක්‍රීයව වර්ධනය වේ.

තවදුරට….



2019 May 11

2019 මැයි 13 සිට 17 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

EUR/USD. පසුගිය දිනවල ප්‍රධාන ආර්ථික සිද්ධිය වූයේ එක්සත් ජනපද-චීන වෙළඳ සාකච්ඡා අසාර්ථකවීමයි. 10% සිට 25% දක්වා චීන භාණ්ඩ සඳහා තීරු බදු ඉහළ දැමීමට එක්සත් ජනපදය තීරණය කර ඇති අතර ඉන් පසුව චීන වෙළඳ අමාත්යාංශය නිවේදනය කරන පරිදි එමගින් එක්සත් ජනපදයට එරෙහිව ප්‍රතිචාර එල්ල කිරීමට බල කෙරෙනු ඇත. කෙසේවෙතත්, මෙම ප්‍රකාශයට පවා වෙළඳපළ ප්‍රතික්‍රියාශීලීව ප්‍රතික්‍රියා කළ නමුත්, සතියේ උච්චාවචනයන් පොයින්ට් 85 ක් ඉක්මවා නොතිබූ අතර 1.1250 ක ප්‍රතිරෝධය බිඳ හෙලීමට අසමත් විය

තවදුරට….



2019 May 4

බාසල් III ප්‍රමිතිය: රත්තරන්, ඩොලරය වෙනුවට ජාත්‍යන්තර මුදල බවට පත්වෙයි ද?

මෙම වසරේ මාර්තු 29 වනදා අන්තර්ජාතික නිරාකරණය සඳහා නව නීති ක්‍රියාත්මක කිරීමේ අවසාන අදියර ආරම්භ කිරීම සඳහා බැංකු පටන් ගත්හ. සමහර විශාරදයින් විශ්වාස කරන්නේ රන් හි වටිනාකම ආපසු ලබා ගැනීම සඳහා ඩොලරයේ පරම බලය අවසන් කළ යුතු බවයි. ඔවුන්ගේ අනාවැකියට අනුව, එක්සත් ජනපද මුදල් දෙසැම්බර් වන විට 40% කින් පහත වැටෙනු ඇති අතර, ලබන වසරේ ආරම්භයේ දී එහි වටිනාකම අහිමි වනු ඇත.

තවදුරට….



2019 April 27

2019 අප්රේල් 29 සිට මැයි 03 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

EUR/USD. පූර්වයෙන් අනාවැකි පල කර ඇති ආකාරයට, යුරෝව මාස හතරේ පහළ බැසීමේ කලාපයේ සීමාවන් කරා ආපසු ගොස් තිබේ. විශේෂඥයින්ගෙන් 70% ක් සහ ග්‍රැෆික් විශ්ලේෂණය මගින්ද එවැනි තත්වයක් පෙන්නුම් කල අතර යුරෝපීය මුදල 2019 අවම අගයන් සඳහන් 1.1175-1.1185 කලාපය දක්වා පහත වැටෙනු ඇතැයි පැවසිණි. එක්සත් ජනපදයේ දැඩි ආර්ථික සංඛ්‍යාලේඛන නිසා සමස්ත සතිය පුරා යුරෝව පහත බැස යමින් තිබිණි. මෙම යුගලය බලාපොරොත්තු වූ අගයන්ද ඉක්මවා ගිය අතර, අප්‍රේල් 26 වන සිකුරාදා දින මැද භාගය වන විට එය 1.1110 දක්වා පහත වැටී ඇත.

තවදුරට….



2019 April 20

2019 අප්‍රේල් 22 සිට 26 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

EUR/USD. බොහෝ විද්වතුන් (65%) අපේක්ෂා කළේ යුගලය පහත වැටෙනු ඇති බවයි. මෙම අනාවැකියට සහය ලබා දෙමින් ඔස්කිලේටර් තුනෙන් එකක් සංඥා කලේ යුගලයේ මිලදී ගැනීම් වැඩි වනු ඇති බවයි. ඒ අනුව පසුගිය සතියේ යුගලයේ උච්චාවචනය පොයින්ට් 100 ක් පමණ වූ අතර අවම අගය 1.1225 විය.

තවදුරට….



2019 April 13

2019 අප්‍රේල් 15 සිට 19 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

EUR/USD. බොහෝ වෙළඳුන් වෙළඳපොලේ අඩු විචල්‍යතාවය පිලිබඳ පැමිණිලි කරති. එහෙත් පසුගිය 10 වන බදාදා යුරෝපීය මහ බැංකුවේ රැස්වීමෙන් පසුව මාරියෝ ඩ්‍රාගීගේ ප්‍රකාශය නිසා පසුගිය සතිය තුල යුරෝවට ඩොලරය වෙතින් පොයින්ට් 100 ක් ආපසු දිනා ගැනීමට හැකි වූ අතර 1.1300 ක ඉතා ශක්තිමත් ආධාරක /ප්‍රතිරෝධී අගයකට ලඟා විය. බ්‍රික්ස්ට් හි ප්‍රමාදය මේ සඳහා බොහෝ විට හේතුව විය හැකිය.

තවදුරට….



2019 April 6

2019 අප්රේල් 08 සිට 12 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

EUR/USD. විශ්ලේෂකයින්ගේ අති විශාල බහුතරයක් (75%), ප්‍රවණතා දර්ශක 100% සහ 90% ක් වන ඔස්කිලේටර්, යුගලය 1.1200 මට්ටම බිද හෙලුනහොත් එය තවදුරටත් පහළ යාමට හැකි වනු ඇති බව පසුගිය සතියේ දී පැවසීය. ආසන්නතම ඉලක්කය 2018-19 දක්වා අවම අගය වූ සහ මාර්තු මස 7 වනදා වාර්තා වූ 1.1175 අගය ලෙස පැවසීය. ඒ සමගම දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සඳහන් කල පරිදි යුගලයට මෙම ආධාරක අගය ජය ගැනීමට නොහැකි වන අතර 1.1340 දක්වා ගමන් කරනු ඇත යනුවෙන් පැවසීය.

තවදුරට….



2019 March 30

2019 අප්‍රේල් 01 සිට 05 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

EUR/USD. දළ දේශීය නිෂ්පාදිතයේ අඩුවීම තිබියදීත්, මේ සතියේ එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වූ බවක් පෙනෙන්නට තිබේ. එය එක්සත් ජනපද ජනාධිපති නිසා හෝ ෆෙඩරලය නිසා නොව, මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඇති වී ඇති ගැටලුවේ එකඟතාවයකට පත්වීමට නොහැකිවීම හේතුවෙන් විය.

තවදුරට….



2019 March 23

2019 මාර්තු 25 සිට 29 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

EUR/USD. ෆෙඩරල් මහ බැංකුව සියයට 2.5% ක පොලී අනුපාත වෙනස් නොකළ අතර මේ වසරේ එය තවදුරටත් ඉහළ දමන්නේ නැත. එක්සත් ජනපදයේ දදේනි හා උද්ධමනය සඳහා සිය අනාවැකින් මගින් අවම කල අතර 2019-2021 සඳහා විරැකියාව පිලිබඳ අනාවැකිය මගින් ඉහල දැමීය.

තවදුරට….



2019 March 16

2019 මාර්තු 18 සිට 22 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

EUR/USD. සමස්ත සතිය පුරා යුරෝපීය මුදල් ඒකකය වර්ධනය වූ අතර එය යුරෝ ස්ටොක්ස් 600 දර්ශකය හේතුවෙන් පමනක් නොව ඊසීබී ප්‍රධානී මාරියෝ ඩ්‍රාගීගේ ප්‍රකාශ මෙන්ම, ඒ සියල්ලටත් වඩා, යුරෝපීය සංගමයෙන් ඉවත් වීම පිලිබඳ ආකල්පය ( සමහරවිට එසේ ඉවත් නොවනු ඇත) හේතු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2018 ඔක්තෝබර් මස සිට ඇරඹි මධ්‍ය කාලීන 1.1215-1.1570 කලාපය නැවත වරක් තහවුරු වී ඇති අතර, එය මාර්තු මස 13 වන බදාදා 1.1338 දක්වා ඉහළ ගොස් ඇත.

තවදුරට….



2019 March 9

2019 මාර්තු 11 සිට 15 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

EUR/USD. මෙම සරත් ඍතුවේ දී පොලී අනුපාත වැඩි වීමක් අපේක්ෂා නොකල යුතු යැයි ඊසීබී නිවේදනය කිරීමෙන් පසු මාර්තු 7 වන බ්‍රහස්පතින්දා යුගලය පහත වැටුණි. මෙය අවම වශයෙන් 2020 දී සිදුවිය හැකි දෙයකි. මීට අමතරව, යුරෝපීය බැංකු අඩු පොලී අනුපාත යටතේ නැවත යුරෝපීය බැංකු ප්‍රති මූල්‍යකරණය කිරීම සඳහා යුරෝපීය නියාමකයා සැප්තැම්බර් මාසයේ LTRO (දිගු කාලීන ප්‍රති මූල්‍යකරණය) දියත් කිරීමට සැලසුම් කරයි. යුරෝපීය කලාපයේ දරිද්‍රතාව සඳහා දළ දේශීය නිෂ්පාදිතය හා උද්ධමනය සඳහා වන අනාවැකිය අඩු කිරීමක් ද, යුරෝ කලාපය සඳහා හිතකර නොවන චීනයේ විදේශ වෙලඳාම පිළිබඳ සංඛ්‍යා ලේඛන ද, යුරෝපීය මුදල් සඳහා කණගාටුදායක ලෙස බලපෑම් කර ඇත.

තවදුරට….



2019 March 2

2019 මාර්තු 04 සිට 08 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

EUR/USD. සතියේ පළමු භාගයේ දී එක්සත් රාජධානිය යුරෝපීය සංඟමයෙන් ඉවත්වීම අවිනිශ්චිත ලෙස කල් දැමීම නිසා යුරෝව වර්ධනය වෙමින් තිබිණි. එමනිසා මධ්‍ය කාලීන 1.1300-1.1500 කලාපයේ මැද රේඛාවට ඉහලින් යුගලය ඉහළට නැගිණි. කෙසේවෙතත්, පෙබරවාරි 28 වන දා එනම් ශීත ඍතුවේ අවසන් දිනයේ දී ඩොලරය සඳහා ධනාත්මකව වෙනස්වීමක් පෙන්නුම් කළේය. 2018 දී එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතය අපේක්ෂා කල ප්‍රමාණයට වඩා වැඩි විය. චිකාගෝහි දර්ශකයෙහි ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඩොලරයට හිතකර විය. එහි ප්‍රතිඵලයක් ලෙස යුගලය පහත ගියේය. නමුත් පහතයාම ඉතා කෙටි විය. නමුත් 1.1300 මට්ටමට පැමිණීමට නොහැකි විය. මාර්තු 1 දා ISM ව්‍යාපාර ක්‍රියාකාරිත්ව දර්ශකය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව යුගලය නැවත වරක් ඉහළ ගියේය. යුගලය දින පහක කාලය 1.1365 හි දී අවසන් කළේය

තවදුරට….



2019 February 23

2019 පෙබරවාරි 25 සිට මාර්තු 01 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

EUR/USD. සතියකට, මාසයකට, මාස දෙකකට හෝ තුනකට පෙර පැවති ස්ථානයේම පසුගිය සතිය පුරා යුගලය රැඳී සිටියේය. දුර්ලභ කෙටි කාලපරිච්ඡේද හැරුණු විට, යුගලයේ මධ්‍ය කාලීන 1.1300-1.1500 කලාපය තුල ගමන් කළේය. මෙම ප්‍රමාණය අන්ත ලක්ෂය දක්වා ව්‍යාප්ත කර ඇත්නම්, එය සුළු වශයෙන් පුළුල් වනු ඇත: 1.1215-1.1570.

තවදුරට….



2019 February 17

2019 පෙබරවාරි 18 සිට 22 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

EUR/USD. පසුගිය සතියේ මෙම යුගලයේ ගමන් මග පිළිබඳ නිශ්චිත මතයක් ඉදිරිපත් කිරීමට විශේෂඥයින්ට නොහැකි විය. බ්‍රික්ස්ට් සහ එක්සත් ජනපද-චීන සාකච්ඡාවල අපහදිලිතාවය ඊට හේතු විය. ඊට අමතරව, විශ්ලේෂකයෝ, ජර්මනියේ සහ යුරෝපීය සංගමයේ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත නිකුත් වීමත්, එක්සත් ජනපදයේ උද්ධමනය හා සිල්ලර වෙළඳාම් දත්ත පිළිබඳවත් බලා සිටියහ. යුරෝපයේ 1.2% ක අපේක්ෂිත වර්ධනයක් සහ ජර්මනිය 0.2% කින් (-0.2% සිට 0.0% දක්වා) ඉහළ යෑමක් පෙන්නුම් කරන්නේ නම් එය ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳපොල වෙත ප්‍රබල අනතුරු හැඟවීමක් විය. සිල්ලර වෙළඳාම 1.2% කින් අඩු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරයේ දර්ශකය මාස දෙකක ඉහල යෑමේ උපරිම අගයෙන් ඈත් විය.

ඩොලරය, යුරෝපීය මුදල්වලට එරෙහිව වර්ධනය වීම නතර කර තිබේ. කෙසේ වෙතත්, සමස්ත දින පහේ සතියේ ප්‍රතිඵල සාරාංශගත කළහොත්, ජයග්‍රහණය තවමත් "ඇමෙරිකන් ඩොලරය" සමග රැඳී සිට ඇත: 1.1320 මට්ටමේ සිට සතිය ආරම්භ වූ අතර යුගල 1.1295 මට්ටමේ දී සතිය අවසන් කළේය.

තවදුරට….



2019 February 9

2019 පෙබරවාරි 11 සිට 15 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

EUR/USD. විද්වතුන්ගෙන් 30% ක් පමණ අපේක්ෂා කලේ යුගලය 1.1300-1.1500 කලාපයේ පහළ සීමාව දක්වා පහත යන බවයි. මෙම යුගලය පොයින්ට් 130ක් අහිමි වෙමින් සතියේ අවම මට්ටම වූ 1.1320 මට්ටමට ලඟා විය.

තවදුරට….



2019 February 2

2019 පෙබරවාරි 04 සිට 08 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

– EUR/USD. පොදුවේ, සතියේ කිසිදු පුදුමයක් නොතිබුණි. FOMC රැස්වීමේදී අනුපාතය ඉහළ නැංවීම කිසිවෙකු අපේක්ෂා නොකලේ ය. එහෙත් 2019 සැලසුම් සඳහා ෆෙඩරල් කළමණාකරණයේ අදහස් පිලිබඳව ආයෝජකයින් කනස්සල්ලට පත්ව සිටියේය. නිශ්චිත පොරොන්දු වෙනුවට නියාමකයා ප්‍රකාශ කළේ, තවදුරටත් අනුපාත ඉහල දැමීමට තීරණය කිරීම ගෝලීය ආර්ථික සාධක පිළිබඳ සැලකිල්ලට ගෙන කටයුතු කලයුතු බව හා අතිශයින් සමබර විය යුතු බවය. මේ අනුව, අස්ථාවරත්වය, ඩොලරයේ තියුනු විකුනා දැමීමකට හේතු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, යුගලය මධ්‍ය නාලිකාවේ ඉහළ සීමාව දක්වා ඉහළ ගියේය, 1.1300-1.1500. කෙසේ වෙතත්, එම තත්ත්වය පසුව සන්සුන් විය. පසුව යුගලය දකුණු දෙසට හැරී ගියේය.

තවදුරට….



2019 ජනවාරි 26

2019 ජනවාරි 28 සිට පෙබරවාරි 01 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

– EUR/USD. ජනවාරි මස 24 වන බ්‍රහස්පතින්දා ඊසීබී ප්‍රධානී මාරියෝ ඩ්‍රාගිගේ කතාවෙන් පසු යුගලය 1.1300-1.1500 කලාපයේ පහල සිමාව වෙතට ගමන් කළේය. කෙසේවෙතත් පහතයාම කෙටි කාලීන විය: 1.1289 මට්ටමට පැමිණීමෙන් පසුව, යුගලය සිකුරාදා සවස් වන විට 1.1400 ට එනම් කලාපයේ මධ්‍ය අගය දක්වා ඉහල නැගීය. ඩ්‍රාගි විශේෂ යමක් සඳහන් නොකළේය. නව QE දැන් පවත්වා ගෙන යාමට කිසිදු අදහසක් නොමැති බව ඊසීබී ප්රධානියා පැවසීය. ඒ සමග ම, යුරෝව මත පොලී අනුපාතයේ පළමු ඉහල නැඟීම සඳහා ගතවන කාලසීමාව නොවෙනස්ව පවතිනු ඇත.

තවදුරට….



2019 ජනවාරි 19

2019 ජනවාරි 21 සිට 25 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

– EUR/USD. එක් අනුමානයකට අනුව යුගලය මධ්‍ය කාලීන 1.1300-1.1500 කලාපය කරා ආපසු යන අතර එහි මධ්‍ය අගය ප්‍රධාන ඉලක්කය ලෙස හැඳින්වීය. යුගලය ශක්තිමත් වන අනුමානය එය විය. ජනවාරි 15 වන අඟහරුවාදා උදේ එය 1.1400 සීමාව කරා ළඟා වූ අතර පසුව සති අන්තය දක්වා එම අගය තුල තරමක් පටු සීමාවක් තුළ උච්චාවචනය විය. ඒ සමගම, යුගලය යම් පීඩනයකට ලක් විය. එමගින් පහතයාම සඳහා අවස්ථාවක් හිමි වූ අතර සතියේ දින පහ අවසාන වන විට යුගලය 1.1360 දක්වා පහත බසින ලදී.

තවදුරට….



2019 ජනවාරි 12

2019 ජනවාරි 14 සිට 18 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

– EUR/USD. ජනවාරි 9 වන බදාදා, නැවත නැවතත් උත්සහ කිරීමෙන් පසු, 2018 නොවැම්බර් මාසයේ සිට ආරම්භ වූ මධ්‍ය කාලීන කලාපයේ ඉහළ සීමාව බිඳ දැමීමට මෙම යුගලය සමත් විය. 1.1500 ක ප්‍රතිරෝධය ජයගැනීමෙන් අනතුරුව එය 1.1570 ක උසකින් ඉහළ ගොස් ඇති අතර පසුව දිශාවේ හැරවුමත් සමග නැවතත් ඉහත සඳහන් කලාපය තුල යුගලය පැවති අතර 1.1470 හි දී සතිය අවසන් කළේය.

තවදුරට….



2019 ජනවාරි 6

2019 ජනවාරි 07 සිට 11 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පුදුමයන්ට හේතු වූ පළමු වැඩ කරන දිනය ඇතුලත් පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

–  නව වසර උදාවෙන් පසුව, ජනවාරි 2 වනදා උදෑසන වන විට EUR/USD යුගලය දකුණු දෙසට වේගයෙන් ගමන් කල අතර දවස තුල දී පොයින්ට් 200 ක් පමණ අහිමි කර ගත්තේය. කෙසේවෙතත්, සෑම දෙයක්ම ආපසු සාමාන්‍ය තත්ත්වයට පත් වූ අතර, යුගලය 2018 ඔක්තෝබර් මාසයේ මධ්‍ය අගය වූ 1.1400 වෙත ආපසු හැරී ගියේ ය. එක්සත් ජනපදයේ ශ්‍රම වෙලඳපොලේ ධනාත්මක දත්ත හේතුවෙන් ජනවාරි 5 සිකුරාදා, ඩොලරයේ අහිමි වීම නැවත ලබා ගැනීමට උත්සහ කළ නමුත් මෙම උත්සාහය අසාර්ථක විය. මෙම සතිය අවසන් වූයේ 1.1394 අගයක දී ය.

තවදුරට….



2018 December 28

2018 මූල්‍ය ප්‍රතිඵල සහ 2019 ෆොරෙක්ස් අනාවැකි

2018 වර්ෂයේදී කුමක් සිදු වුයේ ද

සාමාන්‍යයෙන් ඩොයිෂ් බැංකු විශේෂඥයින් දෙසැම්බර් මාසයේ අවසානයේ දී සමස්ථ වර්ෂය සාරාංශගත කර ඇත. ඒ අනුව ප්‍රතිඵලය, සෘණාත්මක විය. 2018 ජනවාරි මාසයට සාපේක්ෂව වත්කම්වලින් 93% ක් පහත වැටී ඇති අතර එය පසුගිය වසර 118 තුළ වාර්තා වූ ඉතාම නරක තත්වයකි. 1920 දී පවා 84% පමණ විය.

තවදුරට….



2018 December 22

2018 දෙසැම්බර් 24 සිට 28 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. එක්සත් ජනපද ෆෙඩරල් සංචිත පොලී අනුපාත වැඩිවීමත් සමග, විශේෂඥයන්ගෙන් 70% ක් සහ 100% දර්ශක මගින් ඩොලරය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව පෙනෙන්නට තිබුන ද, එවන් කරුණක් සිදු වූයේ නැත. සමස්ත සතියේම යුරෝව වැඩිවෙමින් තිබුනු අතර බ්‍රහස්පතින්දා, සති 08 ක ඉහලම අගය ලෙස 1.1485 ක අගයකට පැමිණ තිබිණි.

තවදුරට….



2018 December 15

2018 දෙසැම්බර් 17 සිට 21 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. පසුගිය සතියේ මුලික අනාවැකියට අනුව යුගලය 1.1310-1.1415 කලාපයේ සමාන්තර චලනයක් ඇති වනු ඇතැයි විශ්වාස කල අතර යුරෝපීය මහ බැංකු රැස්වීම සහ ඊසීබී සභාපති මාරියෝ ඩ්‍රාගීගේ සම්මේලනය සතියේ මූලික සිදුවීම් ලෙස නම් කරන ලදි. මෙකී සම්මේලනයෙහි ප්‍රතිපලයක් ලෙස ආයෝජකයින් විකර්ෂණය වූ අතර එය යුගලයට ඍණාත්මක ලෙස බලපෑවේය. මේ අනුව, 2018-19 සඳහා කලාපීය ආර්ථික වර්ධනය පහත වැටුණ අතර, යුරෝව පහත වැටුණු නමුත් තවමත් ප්‍රකාශිත කලාපයේ සීමාවන් තුල පවතී...

තවදුරට….



2018 December 8

2018 දෙසැම්බර් 10 සිට 14 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. ශ්‍රම වෙලඳපොල දත්ත සඳහා අපේ අනාවැකිය 100% නිවැරදි විය. සේවා අංශයේ ADP සහ ISM යන දෙඅංශයෙන්ම සතුටට පත් නොවූ අතර, NFP 237K සිට 155K දක්වා එනම්, 35% කින් පහල ගියේය...

තවදුරට….



2018 December 1

2018 දෙසැම්බර් 03 සිට 07 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. බලාපොරොත්තු වූ පරිදිම යුරෝපීය නායකයින්ගේ බ්‍රික්ස්ට් සමුළුව නිසා යූරෝවේ වර්ධනයක් සිදු විය. එහි සුබවාදී ප්‍රතිපල හේතුවෙන් යුරෝපීය මුදල නොවැම්බර් මස 26 වන සඳුදා වන විට 1.1383 දක්වා ඉහල ගොස් ඇති නමුත් පසුව ඩොලරය විසින් මෙම යුගලයෙහි බලය යලිත් අල්ලා ගනු ලැබීය...

තවදුරට….



2018 November 24

2018 නොවැම්බර් 26 සිට 30 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. ඔබ යුගලයේ ප්‍රස්ථාරය දිහා බලන විට, නොවැම්බර් 23 සිකුරාදා සවස වන විට නොවැම්බර් 16 සිකුරාදා උදෑසන අගයන් වෙත ආපසු හැරී ඇති බව පැහැදිලි වේ. එනම්, සතියේ ප්‍රතිඵලය ශුන්‍යයට ආසන්න වන අතර, වඩාත් නිවැරදි අනාවැකිය දර්ශක සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් මගින් ලබා දී ඇත.

විද්වතුන්ට අනුව, ඔවුන්ගෙන් තුනෙන් එකක් යුගලය 1.1450-1.1550 කලාපය දක්වා ඉහළ නගිනු ඇතැයි අපේක්ෂා කළ අතර (සතියේ සැබෑ උපරිමය 1.1470 අගය විය) පසුව ඩොලරය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළහ. මෙය සත්‍ය වශයෙන්ම සිදු වූ අතර එහි ප්‍රතිපලයක් වශයෙන්, මෙම යුගලය සතිය අවසානයේදී 1.1330 හි අවසන් විය

තවදුරට….



2018 November 17

2018 නොවැම්බර් 19 සිට 23 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. මෙම යුගලය සඳහා මූලික අනාවැකිය වූයේ වසරේ පහළම මට්ටම වන 1.1300 දක්වා යුගලය පහත යාම පමණක් නොව එම අගයෙනුත් පහතට එනම් 1.1200-1.1250 කලාපය දක්වා තවදුරටත් යුගලය පහත බසිනු ඇති බවයි. ඒ අනුව එය එලෙසම සිදු වූ අතර, මෙම යුගලය නොවැම්බර් 12 වන සඳුදා සතියේ පහළම අගය වූ 1.1215 දක්වා පහත වැටිණි.

ඉන්පසුව වෙළඳපොල බ්‍රික්ස්ට් විසින් පාලනය කරන ලදි. බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයෙන් ඉවත්වීම සඳහා කොන්දේසි පැනවූ බවට වූ පුවත නිසා යුරෝපීය මුදල් ඉහල නැගුනු අතර, සිකුරාදා අවසන් වන විට එම පොයින්ට් සංඛ්‍යාව 200 කින් ඉහළ ගොස් ඇත. සතියේ සැසිය අවසන් වන විට යුගලය 1.1415 මට්ටමෙහි පසුවිය

තවදුරට….



2018 November 10

2018 නොවැම්බර් 12 සිට 16 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. පසුගිය සතියේ අනාවැකිය පළ කිරීමේදී, විශේෂඥයින්ගෙන් 60% ක් යුරෝව 1.1480-1.1525 දක්වා වර්ධනය වීම අපේක්ෂා කල අතර එය 100% ක් නිවැරදි වී ඇත. නොවැම්බර් 7 වන බදාදා වන විට මෙම යුගලය 1.1500 දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරට….



2018 November 3

2018 නොවැම්බර් 05 සිට 09 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. බොහෝ විද්වතුන් (55% vs. 45%) සඳහන් කලේ ඇමෙරිකානු ඩොලරය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත් අගෝස්තු 15 වන දින වාර්තා වී ඇති වසරේ අවම අගය වූ 1.1300 දක්වා යුගලය ගමන් කරනු ඇති බවත්ය. මෙම අනාවැකිය මුලුමනින් ම සත්‍ය වූ අතර, යුගලය ඔක්තෝබරයේ අවසන් දිනය වන විට අපේක්ෂා කල පරිදි අපේක්ෂිත අගයට පැමිණියේය. චීනය සමඟ සාකච්ඡා සම්බන්ධව එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ශුභවාදී ආකල්පයන් යුගලයට එම අගයන් සඳහා පැමිණීමට පහසු කරවිය...

තවදුරට….



2018 October 27

2018 ඔක්තෝම්බර් 29 සිට නොවැම්බර් 02 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

– EUR/USD. පසුගිය සතියේ අපි අනවැකිය ලබා දෙන විට, ආර්ථික දින දර්ශනයේ සඳහන් සිද්ධීන් සැලකිය යුතු ලෙස වෙළඳපොල කෙරෙහි බලපෑමක් නොකරනු ඇති බව සඳහන් කළෙමු. අපි නිවැරදි විය: වෙලඳපොල ECB ප්‍රධානි මාරියෝ ඩ්‍රාගි ගේ ප්‍රකාශ හා එක්සත් ජනපදයේ දදේනි දත්ත වලට පවා ප්‍රතිචාර දැක්වුයේ සාපේක්ෂව ඉතා සුළු වශයෙනි. එය බලාපොරොත්තු වූවාට වඩා 0.2% ප්‍රමාණයකින් වැඩිය.
පසුගිය සතියේ අපගේ දෙවන අනාවැකිය වූයේ, විශේෂඥයන්ගෙන් 70% ක් සහය දුන් ඩොලරයේ වර්ධනයයි. එය යුරෝවට එරෙහිව පොයින්ට් 200 කට ආසන්න අගයකින් ශක්තිමත් විය. EUR/USD යුගලය පියවරෙන් පියවර 1.1335 මට්ටමට ළඟා වන තුරු මුළු සතියේම පඩිපෙලක් ආකාරයෙන් පහතට ගමන් කළේය. ඉන් පසු යුරෝව පොයින්ට් 65 කින් වර්ධනය විය. මෙම යුගලය 1.1400 හි දී සතිය අවසන් කළේය...

තවදුරට….



1 2 3 4 Next
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න